රටවල් කොරෝනා ගැන පරෙස්සම අතහැරලා – ලෝකයම අවදානමේ

Picture of අසංක

අසංක

ලොව බොහෝ රටවල් මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවත් මේ තත්වය ඉදිරියටද පැවතියහොත් තත්වය වඩාත් බරපතල විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.

මෙසේ සෞඛ්‍ය උපදෙස් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට පියවර නොගතහොත්, කොරෝනා වසංගතයට පෙර පවතී සාමාන්‍ය තත්වයට පත්වීමට ලෝකයට නොහැකි වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදම්නන් මහතා අද පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

ලොව පුරා මහජනතාවගේ ප්‍රධානතම සතුරා බවට මේ වනවිට කොරෝනා වෛරසය පත්ව ඇති බවත් මේ තත්වය නිවැරදිව වටහාගැනීමට ලෝක නායකයින් පියවර ගතයුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය පාලනයට අදාළව සලකා බැලීමේදී ලොවබොහෝ රටවල් ගමන්කරනුයේ වැරදි මාර්ගයක වන බවද ඔහු මෙහිදී පැවසීය.