රටවල් 3කින් මගීන් ගෙන්න එපා- රජය ගුවන් සමාගම් වෙත දන්වයි

Picture of අසංක

අසංක

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී ඇත.


රජයේ මෙම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක වන බවද වාර්තාවේ.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත රජය මෙම තීරණය ගෙන තිබේ.