පැතුම් වික්‍රමරත්න
ද්විවාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩල නීති අමාත්‍යවරුන්ගේ රැස්වීම එළඹෙන නොවැම්බර් 4 සිට 7 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
ඒ අනුව රටවල් 53 ක නීති ඇමතිවරුන් සහ නීතිපතිවරුන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතව ඇත.
යුක්තියට සමාන ප්‍රවේශයක් සහ නීතියේ ආධිපත්‍යය’ යන තේමාව යටතේ මෙවර මෙම රැස්වීම පැවැත්වේ.
යුක්තිය සඳහා ප්‍රවේශ වීමට ඇති බාධක, එනම් පිරිවැය සහ දරිද්‍රතාවය, අධිකරණ පද්ධතිය කෙරෙහි අවිශ්වාසය සහ දූෂණය වැනි කරුණු මෙහිදී සාකච්ජාවට ලක්වීමට නියමිතව ඇත.