මෙරටින් පිටව යන සියලුම ගුවන් මගීන්ට පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර ඇත.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ , හෙට පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කර ඇත .