ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීමේ තත්ත්වය යටතේ රට අගුළු දැමීම සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී .
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පවතින තත්ත්වය සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවයි ..
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය ,
“දිනපතා අපි සාකච්ඡා කරමින් යනවා. අලුත් තත්ත්වයන්ට කොහොමද මුහුණ දෙන්නේ කියන කරුණු ගැන. හැබැයි ඒ වෛරසයටත් මේ එන්නත සාර්ථක ආවරණයක් දෙනවා කියලා තමයි දැනට තියෙන සෞඛ්‍ය මතය. දිගින් දිගටම මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන වෙන ක්‍රියාමාර්ගවලට යන්නේ. දැනට තියෙන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරේ රෝගීන් වෙන්කර තබා ගැනීම. ආවට ගියාට රට වසා දැමීම කළ නොහැකියි. විශේෂඥ මතය අරගෙන තමයි තීරණයක් ගත යුත්තේ.” .