‘රට කොල්ලකෑ කාටවත් ඇමතිකම් දෙන්නේ නෑ’ – සජිත්

Picture of අසංක

අසංක

රට කොල්ලකෑ කිසිවකුට ඇමතිකම් ලබාදීමට තමා අත්සන නොතබන බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

‘එක ඇමතිකමයි මම දැනට පොරොන්දු වෙලා තියෙන්නේ. කවුරු මොන සිහින දැක්කත් අවසානයේ ජනාධිපතිගේ අත්සන ඕනේ ඇමතිකම ගන්න. මගේ අත්සන ඕනේ. මම තමුන්නාන්සේලාට කියනවා රට මංකොල්ලකාපු කිසිම කෙනකුට සජිත් අත්සන තියන්නේ නෑ. ඕන ඕන අයට තොප්පිය දාගන්න පුළුවන්. මට කරන්න දෙයක් නෑ’ යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.

බණ්ඩාරගම පැවැති රැළියේදී හෙතෙම මේ බව පැවැසීය.