රට තුල අධිවසංගත තත්වයක් මතුවීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් මෙරට  ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බවත් ඒ අනුව රට අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටින බවක් පෙනී යන බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද එම සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද  සඳහන් කළේය.

හරිත

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,මෙසේද පැවසීය

“පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක සියයට 7.2ක දක්වා ගමන් කරලා තියෙනවා. සමහර තැන්වල මේක සියයට 15, 20, 25, 30 දක්වා ගමන් කරන තැන් තියෙනවා. අපි කියන්නේ අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා. දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොළ විවාහ මංගල උත්සවයේ දී ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. අත්තටම මේක අලුත් ප්‍රභේදයක්දැයි සොයා බැලිය යුතුයි. දැන් දකුණු අප්‍රිකායේ ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතා කිරීම නැවැත්වුවා. දකුණු අප්‍රිකාවේ වාර්තා වුණ අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නතින් ඔරොත්තු දීමක් සිදුවෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවාද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රටට ආවා කියලා ? ඒක දැන්ගන්න අපිට පහසුකම් තියෙනවාද ? එකක්වත් නැහැ. දැන්ට අපි ජයවර්ධනපුර රසායනාගාරයෙන් සම්පල කිහිපයක් යවලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න බැහැ“