“”මෙරට සමාජය යහපැවැත්මෙන් ගොඩ නගාගනිමින් රටේ ගමන්මග නිවැරදි දිශාවට ගෙනයාමට අපේ මහසඟරුවනෙන් ලැඛෙන මඟපෙන්වීම, දායකත්වය සුවිශාලයි. වසර දහස් ගණනක සිටම මේ රටේ සංස්කෘතිය මූලික කරගත් සමාජ ක්‍රමයක් ඔස්සේ ඉදිරියට පැමිණියා. රටේ ශක්තිමත් පැවැත්මට බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගමික දර්ශණ සමාජයේ ඉදිරි ගමනට ශක්තියක් ලබා දුන්නා. ආගමික සහජීවනය රටේ ආරක්ෂා වුනා.
සියළු ජාතීන්ට සමගියෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය ආගමික සිද්ධස්ථාන ඛෙහෙවින් උපකාරී වුනා. පිරිපුන් සමාජයක් ගොඩ නැගීමේ කාර්ය භාරය ඉටු කර ගැනීමට ආගම් අතර පැවති සහජීවනය උපකාරී වුනා. එම වැඩපිලිවෙල වෙන කවරදාටත් වඩා මේ යුගයේ අත්‍යාවශ්‍ය වී තිඛෙනවා. වගකිවයුතු රජයක් ලෙස රටේ අභිවෘද්ධිය ඇති කිරීමට අවශ්‍ය සෑම ක්ෂේත්රයකටම අවශ්‍ය සහන දිරිගැන්වීමේ ලබාදීමට සෑමවිටම කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා මේ අදහස් පලකලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම කපුරැක්ක පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය බුදු සසුනට පූජාකිරීමේ පුණ්‍යමහෝත්සවයට එක් වෙමිනි.
කපුරැක්ක පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පින්නවල ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය හකුරුගම්මන සුසීල ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි හෙම්මාතගම සමග්ගෝදය විද්‍යායතන පිරිවෙන සහ දායක සභාව සංවිධානය කල මෙම උත්සවයේ දහම් හමුව ඇමතූ අමාත්‍යවරයා තවදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
z”වෙනස් වීමට අපි බිය වියයුතු නැහැ. අපේකම අපේ සංස්කෘතිය ආරක්ෂාකරමින් ඒ් වෙනස ක්‍රියාත්මක කල යුතු” බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.