රට පුරා ආර්ථික මධ්‍යස්ථාන හෙට නිවාඩු

economic centres
Picture of අසංක

අසංක

දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට හෙට (28) දින එළවළු තොග බෙදා හැරිමක් කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හෙට (28) දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බව එම එකමුතුව කීය.

ඒ අනුව එදිනට එලවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගෙන ඇත.