රට පුරා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Picture of අසංක

අසංක

නත්තල් දේව මෙහෙයන් උදෙසා රට පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.

“තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදාවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා,” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කළේය.