රට පුරා තද වැසි හා අකුණු

flood
Picture of අසංක

අසංක

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්, අද (09) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි සහ බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

උතුරු-මැද පළාතෙත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ අංශ ජනතාවට දැනුම් දෙයි.