ප්‍රබෝධා හෙට්ටිආරච්චි
රට තුළ උත්සන්න වී ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අද වනවිට රට පුරා 60ක් පමණ ස්වයං-හුදෙකලා ක්‍රියාමාර්ගයකට යොමුවී තිබේ.
එම නගරවල ඖෂධ අලෙවිසල්, වෛද්‍යය මධ්‍යස්ථාන හා ඉන්ධන අලෙවි සල් පමණක් විවෘත කර සෙසු සියලුමම කඩසාප්පු වසා දැමීමට වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.
ඒ අනුව මිද්දෙණිය, කඹුරුපිටිය, බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, පාදුක්ක, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව, හොරණ ආදි නගර ගණනාවක් මෙසේ වසා දමා ඇත.
ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, යාපනය, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්ත, අනුරාධපුර ආදි නගරවල වෙළෙදසැල් මීට දින කිහිපයකට පෙර වසා දැමිණි.