රට යළි දැඩි අවදානම් තත්ත්වයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් ආසාදිතයින් දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවු බරපතළ තත්ත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව නිසි සෞඛ්‍ය උපදෙස් හරියට නොපිළිපදින තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙය ඉතා භායානක තත්ත්වයක් බවත් ඒ නිසා ජනතාව ඉතා විමසිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වී තිබේ.

ඒ අනුව අඛණ්ඩව ඊයේ දිනයේදීත් දෙවැනි දවසට ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම මරණ පෙරේදා දිනයේ වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට මරණ සංඛ්‍යාව 4324ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 2329ක් වාර්තා වී ඇති තර දින කිහිපයකට පසුව නැවතත් දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගියේය.