රට රැකියාවලට යන අයට ෆයිසර් එන්නත

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී

මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික  ශ්‍රමිකයන් (8000)අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය

ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.

මෙම සෑම රටක්ම පිළිගන්නා කොවිඩ්  මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර්  එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලු දෙනාට ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.