පැතුම් වික්‍රමරත්න
රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
රට වසා දමන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීම් යොමුකෙරුනද මේ අවස්ථාවේ එවැන්නකට හැකියාවක් නැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් වෙත පවසා ඇත.
රට වසා දැමීමක් කළහොත් රටේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් ඒ හරහා දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් ,ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත .
කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද මෙහිදී සඳහන් කර ඇත .