රට හැර යන පිරිස ඇත්තටම වැඩිවෙලාද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර එකහමාරටකට අධික කාලයක් පුරා විදේශ ගතවීමට නොහැකිව සිටි මෙරට බොහෝ පිරිසක් මේ වනවිට එකවර  මේ විදෙස් ගතවීමට උත්සාහ කරමින් සිටිම නිසා  විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ද දිගු පෝළිම් ඇතිවී ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැහැදිලි කර සිටී .

ඒ අනුව එකවර විශාල පිරිසක් රට හැර යන බවක් බැලු බැල්මට පෙනුනත් සත්‍ය තත්වය එය නොවන බවත් ,ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කල ඒ මහතා මෙසේද පැවසීය ,

කොරෝනා වසන්ග්තයත් සමග පැනවුණු සංචාරක සීමා නිසා විශාල පිරිසකට , පසුගිය වසර එකහමාරකට අධික කාලයක් පුරා විදෙස් ගතවෙන්න නොහැකිවුනා , දැන් එම සීමා බොහෝ රටවල ඉවත්කර ඇති නිසා , ඒ හැමදෙනාම දැන් විදෙස් ගතවෙන්න කටයුතු කරමින් ඉන්නවා . විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ද දිගු පෝළිම් පැවතීමට හේතුවත් එයයි .

විදෙස් රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 92,000 කට අධික සංඛ්‍යාවක් විදෙස් ගත වී තිබෙනවා .