රතන සුත්‍රයේ පිරිත් කළ පැන් කොළඹින් ගුවනට මුසු කරයි

Picture of අසංක

අසංක

සකල රට වැසියන්ටම නිරෝගී සුව පතා ඓතිහාසික මගුල්මඩුවේ පුරා සත් දිනක් දේශණා කළ මහානුභාවසම්පන්න රතන සූත්‍ර සජ්ඣායනාවෙන් සකසාගත් පිරිත් පැන් ගුවනින් ඉසීමේ පළමු පියවර ශ්‍රි දළදා මාලිගාව සහ IWS ගුවන් සමාගම එක්ව අද දින ක්‍රියාත්මක කළේය.


ඒ අනුව කොරෝනා (Covid-19) වසංගතයේ වැඩි අවධානමකට ලක්ව තිබෙන කොළඹ ඇතුළු ප්‍රදේශ මුල්වන පරිදි වැලිසර සිට හෙලිකොප්ටරයෙන් ගුවනට ගෙනගිය පිරිත් පැන් පසුව ශ්‍රි ලංකා ගුවනට මුසු කළේය.


මෙම අවස්ථාවට ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමෙ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා සහ IWS ව්‍යාපාර සමුහයේ සභාපති ආතර් සේනානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප සහ තොරතුරු දළදා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවෙනි.