රන්ජන්ගේ හඬපටවලින් මතුවූ විශ්‍රාමික විනිසුරුවරිය CCDයට

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අද පැමිණීමට නියමිත ය.

ඒ රංජන් රාමනායක මහතාගේ ඇමතුම් සංවාද හඬ පට තුළින් පද්මිණි රාමනායක මහත්මියගේ හඬ ද මතුවීම සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහායි.

මේ අතර වැඩතහනමට ලක්වූ විනිසුරු ධම්මික හේමපාල මහතා ද හෙට දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත සාක්ෂි දීම සඳහා පැමිණීමට නියමිත ය.