අධිකරණයට අපහාස කිරීමේ වරදකරු වූ රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් හිමි වීම හේතුවෙන් මන්ත්‍රීවරයාට සිය පාර්ලිමේන්තු ධුරය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ලැයිස්තුවේ මීළඟට සිටින්නේ අජිත් මාන්නප්පෙරුම මහතායි.
ඒ අනුව ඔහු රංජන් රාමනායක මහතාගෙන් පාර්ලිමේන්තුව මන්ත්‍රීධුරය පුරප්පාඩු වුවහොත් ඒ සඳහා පත්කෙරෙනු ඇත.
ඉදිරියේදී ගම්පහ තේරීම්භාර නිලධාරීවරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඔහුගේ නම ඉදිරිපත් කිරීමෙන් පසු කොමිසම විසින් එය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසුව මෙම පුරප්පාඩුව පිරවෙනු ඇත.
නමුත් මෙම කාලය තුළ යම් හෙයකින් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව හිමි වුවහොත් මේ තත්ත්වය මීට වඩා වෙනස් වනු ඇති බවද බවද දේශපාලන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.