ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිව් වසරක සිරදඬුවමකට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේදීය.
ඒ අනුව, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසිවිණි.
රන්ජන් රාමනායක මහතාට මීට අදාළව ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පෙරේදා (19) පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට ඒ ගැන දැනුම් දී තිබේ.