රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කෙරේ.
ඒ කටහඬ පරීක්ෂාවක් සඳහා යි.
බන්ධනාගාර නිලධාරීන් විසින් මන්ත්රිවරයා අද(07) පෙරවරු 10.30ට පමණ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආවේය.
රන්ජන් රාමනායක මන්ත්රීවරයාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපටවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන.