රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුව අහිමි වෙයි

Picture of අසංක

අසංක

මෙරට පැරණිතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ වසර 43ක පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රී ආසනය අහිමි වෙයි.

ඒ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයට අනුවයි.

කෙටි ඉතිහාසයක් ඇති දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට අවශ්‍ය ආසන සංඛ්‍යාවට සමීප වෙමින් සිටියදී එක්සත් ජාතික පක්ෂය සිය පළමු ආසනය දිනාගනු ලැබුවේ මීට සුළු මොහොතකට පෙරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලෙස 674603ක් දිනාගත්තේ පොදුජන පෙරමුණ ය.

සමගි ජනබලවේගය ඡන්ද 387145 දිනාගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කය තුළ දේශපාලන ඉතිහාසවේ බලඅධිකාරියක් තබා සිටි එක්සත් ජාතික පක්ෂය මෙවර ලබාගෙන තිබුණේ ඡන්ද 30875ක් පමණි.

මෙතෙක් නිකුත් වී ඇති සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පක්ෂය එක් ආසනයක් හිමිකරගත්ත ද අවසන් වරට 2015 වසරේදී පැවැති මහමැතිවරණයේදී ආසන 106ක් දිනාගෙන තිබුණි.