රමේෂ් වරල්ලෙගම
විපක්ෂ නායකතුමා මොනවා කිව්වත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙල ගැන විශ්වාසනීය සහතිකයක් ලබා දී තිබෙනවා යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.
ප්රජාතන්ත්රවාදී අයිතිය අපි කොයි වෙලාවකවත් පාගාගෙන නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය තියන වෙලාවට තියයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නොවුණ නම් මේක කොරෝනා පුරයක් වෙනවා.
දේශපාලන නායකත්වය හා සෞඛ්‍ය අංශය මෙම වසංගතය මර්දනය අතින් ලෝකයේ 9 වැනි ස්ථානයට පත්වෙලා තියෙනවා.
අපි ජනතාවට වගකීමෙන් කියනවා, ඔබ නිරාහාරව තබන්නෙ නැහැ. ඒ වගකීම, ආණ්ඩුවක් හැටියට ජනාධිපති, අගමැති, මෙන්ම කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊට හොදින් මුහුණ දෙනවා යැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.