රසායනාගාරවල උපරිම ධාරිතාව ඉක්මවා යයි – පී .සී .ආර් ප්‍රමාදයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පී සී ආර් පරීක්‍ෂණ වාර්තා නිකුත් කරන මෙරට  රසායනාගාරවල උපරිම ධාරිතාවය ඉක්මවා ගොස් බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනාවරණය කර සිටී .

ඒ අනුව  ඇතැම් විට පී සී ආර් වාර්තාවල  ප්‍රතිඵල ලැබීම ප්‍රමාද විය හැකි බවද  කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය,වරිය මාධ්‍ය වෙත පැවසීය

එබැවින්පරීක්ෂණ සඳහා මුහුණ දුන් පුද්ගලයන් ප්‍රතිඵල පැමිණෙන තුරු නිවසින් පිටතට නොපැමිණ ආරක්ෂාකාරී ලෙස සිටිය යුතු බවද ඇමතිවරිය පෙන්වා දෙ.

මේ වනවිට මෙරට රෝහල්වල ධාරිතාවයද  උපරිම මට්ටමට ලඟා වී ඇති බවත්, ඕනෑම මොහොතක ‍රෝහල් ධාරිතාවය ඉක්මවා යා හැකි බවත් ඇය අවධාරණය කර සිටී  රෝහල් ධාරිතාවය උපරිමය ඉක්මවා ගියහොත් රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයන් දැඩි අර්බුදයකට පත්වන බැවින් සියලු දෙනාම ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බව ඇමතිවරිය අවධාරණය කර සිටී