තමා රාජකාරි කළ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක් ව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුවට ස්ථාන මාරුවක් ලබා දීමට යෝජනා වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.
නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුකොටගෙන ඔහු මෙලෙස ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක්ව තිබුණි. පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව කළ සලකා බැලීමකට අනුව මීගමුව භාරව පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේද අනුමැතිය ද මීට හිමිව තිබේ.
මීගමුව ප්‍රදේශයේ දේශපාලනඥයන්ද මෙම නිලධාරියා මීගමුව භාරව පත් කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර තිබීම විශේෂත්වයකි.