පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව විසින් පවත්වන ලද 2017 මූදල් වර්ෂය සඳහා රාජ්‍ය ආයතනවල මූල්‍ය නියමයන්ට අනුගත වීම සහ කාර්යසාධන ඇගයීම් ක්‍රියාවලිය අනුව ප්රශස්ත මට්ටමේ කාර්යසාධකයන් ලබාගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී රාජ්‍ය ආයතන 109 ක් ඇගයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්විණි.විශිෂ්ට මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන ගිය ආයතන 63 වෙනුවෙන් රන් සම්මාන පිළිගැන්වුණු අතර එය සංකේතවත් කරමින් ආයතන කිහිපයක් වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.