ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට ආරම්භ වුවද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර තිබේ.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ උද්ගතවී ඇති නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයේ පවුල් කීපයක් නිරෝධායනයට ලක් කොට තිබීම නිසා මෙම තීරණය ගත් බවයි.
කෙසේවෙතත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සිසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල තැපැල් ඡන්ද ලකුණු කිරීම හෙට දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.