ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදට යෙදී ඇත
රාමලාන් මාසයේ උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් රාමසාන් දිනය උදාවේ.
රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලැබේ .
මේ අතර, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන්වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයක් බවය.
මුළු මහත් ජනතාවගේ ප්‍රාර්ථනයත්, කැපවීමත් පවතින වසංගතයෙන් නිදහස් වූ සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා රාමසාන් සමය ඒ සඳහා ඉවහල් කර ගැනීම සිය පණිවිඩයෙන් අගය කර තිබේ.
සමස්ත ලෝකයම වසංගත අර්බුදයකට මුහුණ දී සිටින කාල වකවානුවක රාමසාන් උපවාසයෙන් අර්ථවත් වන ආගමික සාර්ධර්ම සියලුදෙනාගේ යහපත සඳහා යොවන්නැයි, ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලා සිටින බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබු ඉස්ලාමීය ජනතාවට ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් සමග අනෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කර ඇති බවය.