පැතුම් වික්‍රමරත්නරියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත,ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුකල හදිසි නිරීක්‍ෂණ චාරිකාවේදී ජනතාව වෙතින් ලැබුණු පැමිනිළි සලකා බලා, මෙම පියවර ගැනීමට තීරණය කල බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා මාධ්‍ය වෙත පැවසීයජනතාව මුහුණ දෙන එම ගැටලූවලට සතියක් තුළ විසදුම් ලබාදීමට කටයුතු කරන බව අමුණුගම මහතා පැවසීය .මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙලක්ද දියත්කිරීමට අමාත්යංශය කටයුතු යොදා ඇත.