රියාද් ගැන කිසිම තොරතුරක් නීතිපතිට දන්වා නෑ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් සැකකරුවකු ලෙස නම් කිරීමේ සිට අත්අඩංගුවෙන් නිදහස් කිරීම දක්වා වන සිද්ධිදාමයේ කිසිදු තොරතුරක් නීතිපතිවරයා වෙත දන්වා නොමැති බව වාර්තා වේ.

ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා එම විමර්ශනය අවසන් කර එම ලිපිගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත භාරදී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 9 වෙනිදායි.

එහෙත් රියාද් බදියුදීන් අත්අඩංගුවෙන් නිදහස් කෙරෙන්නේ සැප්තැම්බර් 30 වැනිදාය.

ඒ අනුව ඔහු අත්අඩංගුවෙන් නිදහස් කිරීමට පෙර දින 21 ක කාලයක් විමර්ශනය අවසන් කර තිබියදීත් ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර නොමැති බව වාර්තා වේ.