රිෂාඩ් බද්යුදීන් එරෙහි විශ්වාසභංගයට දින දෙකක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා වන විවාදය දින දෙකක කාලයක් පැවැත්වීම සඳහා ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව හෙට (21දා) පැවැත්විමට නියමිත පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

පක්ෂ නායක රැස්වීමට හෙට පස්වරු 3.00ට පාර්ලිමෙන්තුවේදි පැවැත්වීමට නියමිතව තිබේ. එම විශ්වාසභංගය මේ වන විට දින නියමක් නොමැතිව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇති අතර හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී එය විවාදයට ගන්නා දින නියම කර ගැනීමටත් අපේක්ෂා කරයි.