රිෂාද්ගේ සොයුරාගෙන් පාස්කු කොමිසමට පැය 6ක ප්‍රකාශයක්

Picture of අසංක

අසංක

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත අද (28) ප්‍රකාශ ලබාදී තිබේ.

පැය 06 ක පමණ කාලයක් විමර්ශන අංශය ඔහුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබුණි.

ඔහු පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමේ නියෝග මත සිටින අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රියාජ් බදියුදීන් මහතා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රෙය් පිහිටි කොමිසන් සභාවේ විමර්ශන අංශය වෙත රැගෙන පැමිණියේ ය.

හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගෙන්ද කොමිසමේ විමර්ශන අංශය විසින් ප්‍රකාශ සටහන්කරගෙන ඇත.