වතු සේවකයින්ට වැඩි කළ රුපියල් 1000 දෛනික වැටුප ලබා නොදෙන වතු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී ..
කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, එම වැටුප ලබා නොදෙන වතු සමාගම්වල බලධාරීන් සඳහා දඩ මුදලක් හා මාස 06 ක සිර දඬුවම් නියම කළ හැකි බවය.
පසුගිය 05 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.