රුසියාවෙන් හා චීනයෙන්ද එන්නත් තොග ලැබීමට නියමිතයි – අමාත්‍ය චන්න ජයසුමන

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන රටවලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රදානයන් ලෙස  ලැබෙන උපරිම එන්නත් ප්‍රමාණය ලබාගැනීම රජයේ අරමුණ බව ඖෂධ සැපයුම් අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඒ මහතා අද මෙසේද සඳහන් කළේය ,

“ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රසෙනිකා එන්නත තමයි මුලින්ම ලැබෙන්නෙ ලක්ෂ 5ක්. ඊළඟට තවත් ප්‍රදානයක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා, චීනයේ නිපදවපු එන්නතත් ප්‍රදානයක් වශයෙන් ලබාගැනීමට අපි මේ වනවිට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම රුසියානු ස්පුට්නික් එන්නතත් ලබාගැනීමට කටයුතු කරමින් යනවා. ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ ජනගහණයෙන් 20%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රදානයක් හැටියට ලබාදෙන බව තහවුරු කරලා තියෙනවා. ඔවුන් ලබාදෙන්නේ ෆයිසර් එන්නත හෝ වෙනත් එන්නතක් වුණත් ඒ සඳහාත් යටිතල පහසුකම් අපි සූදානම් කරලා තියෙනවා.ප්‍රදානයන් හරහා ලැබෙන උපරිම එන්නත් ප්‍රමාණයක් ලබාගන්න තමයි බලාපොරොත්තුව. මදිපාඩුව මුදලට ලබාගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා”