රුසියාවේ කොවිඩ් එන්නත ගන්නත් සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නතෙන් මාත්‍රා මිලියන 7ක්  මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වනවිට  රුසියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

 

ස්පුට්නික් V එන්නත 92% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පර්යේෂණවලදී හෙළි වී තිබෙන අතර එක් මාත්‍රාවක වටිනාකම ඇමරිකානු ‍ඩොලර් 10 කි.

 

ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති එන්නත් මාත්‍රා මෙරටට  ගෙන්වීමේදී යම් ප්‍රමාදයක් සිදුවුවහොත් එම තත්ත්වයටද මුහුණ දිය හැකිලෙස , මෙසේ රුසියානු එන්නතෙන් මාත්‍රා විශාල ප්‍රමාණයක් ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත

 

ස්පුට්නික් V එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදු කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක්ද පත්කර ඇති බව වාර්තා වේ.