රුසියාවේ මහ බැංකුව පොලී අනුපාත දෙගුණ කරයි

Picture of අසංක

අසංක

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් පැනවූ ජාත්‍යන්තර සම්බාධක හමුවේ රුසියාවේ මහ බැංකුව එහි මුදල් හා ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් ලෙස 20% දක්වා පොලී අනුපාත දෙගුණයකට වඩා වැඩි කර ඇත.

එමෙන්ම විදේශිකයන්ට දේශීය සුරැකුම්පත් විකිණීම තහනම් කර ඇත.

පොලී අනුපාත 9.5% සිට ඉහල යාම ඔස්සේ මේ සතියේ සිය මූල්‍ය වෙලඳපොලවලදී බැටකෑමට රට සූදානම් වන විට රූබල් අගයේ ශීඝ්‍රයෙන් පහත වැටීම සහ උද්ධමනය ඉහල යාම තුලනය කිරීම ඉලක්ක කර ඇත.

මුදල් ගනුදෙනු සඳුදා උදෑසන ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් අනෙකුත් වෙලඳපොලවල් අවම වශයෙන් සවස 3 දක්වා විවෘත කිරීම ප්‍රමාද විය.

යුක්‍රේන ආක්‍රමණයට පෙර රූබල් අගය ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම මට්ටමකට එනම් 30% කින් පහත වැටුණි.

මහ බැංකුවේ නව පියවරෙන් පසු ද එය 25% කින් පහත වැටුණි.

“රුසියානු ආර්ථිකයට බලපාන බාහිර කොන්දේසි දැඩි ලෙස වෙනස් වී ඇත” යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අනුපාත ඉහල දැමීම මගින් “වැඩි වූ ක්ෂයවීම් සහ උද්ධමන අවදානම සඳහා වන්දි ගෙවීමට අවශ්ය මට්ටම් වලට තැන්පතු අනුපාත ඉහල නැංවීම සහතික කරනු ඇති” බවයි.