රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට ජර්මනියේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවකයෙක් ව බර්ලින් නගරය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුණු බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී
මෙසේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා බ්‍රිතාන්‍යය ජාතිකයෙක් වන බවද වාර්තා වෙයි.
එම සැකකරු විසින් මුදල් ලබාගෙන රුසියානු බුද්ධි නිලධාරීන්ට රහස්‍ය තොරතුරු අඩංගු ලිපි ලේඛන එක වරක් හෝ ලබාදී ඇතිබව එක්සත් රාජධානියේ සහ ජර්මනියේ ආරක්ෂක බලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙළිකරගෙන ඇත.