රුසියාව , යුරෝපයට ගෑස් සැපයීම නවතාවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බටහිර රටවල් තමන්ගෙන් තෙල් මිලදී නොගන්නේ නම් ගෑස් සැපයුමද නවතා දමන බවට රුසියාව අනතුරු අඟවා ඇත . ඒ, රුසියාවෙන් සිදු කරන ඉන්ධන ආනයනය තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වන පසුබිමක් තුලයි. සිය රටෙන් ඉන්ධන මිලදී ගැනීම අත්හිටවුවහොත් ගෝලීය වෙළඳපොල බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙනු ඇති බව ද රුසියාව අනතුරු අඟවා සිටී .. එය බොරතෙල් බැරලයක මිල ඩොලර් 300 කට වඩා ඉහල දැමීමට හේතු වන බවයි රුසියාව පවසන්නේ.

රුසියාව ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිෂ්පාදකයා වන අතර ලොව දෙවන විශාලතම බොරතෙල් නිෂ්පාදකයායි. යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් සහ බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 30 ක් සපයන්නේ රුසියාවයි.