හම්බන්තොට ඉදිකිරීමට නියමිත Beliatha Solar Power බලාගාරය සඳහා මෙරට ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සහ SELTech International (Pvt) Limited සමඟ ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී.
මෙගාවොට් 4.9ක බලශක්තියක් මෙම Beliatha Solar Power බලාගාරය හරහා ජනනය කිරීමට නියමිතය.
පසුගිය 2024 මැයි 31 වන දින මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති අතර මෙය දළ වශයෙන් රු. බිලියන 1ක ආයෝජන ව්‍යාපෘතියකි.
මෙම ව්‍යාපෘතිය සඳහා විදුල්ලංකා පීඑල්සී සහ SELTech International (Pvt) Limited සහයෝගීතාවයෙන් Beliatha Solar Project (Pvt) Ltd සමාගම පිහිටුවනු ලබන අතර එම සමාගමේ 50.1% ක බහුතර කොටස් හිමිකාරීත්වය විදුල්ලංකා පීඑල්සී විසින් දරනු ඇත.