ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති දෑත් සනීපාරක්ෂක දියර (Hand Sanitizer) තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2021 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙය නිකුත් කර තිබේ.
ඒ අනුව දෑත් සනීපාරක්ෂක දියර (Hand Sanitizer) ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම එදින සිට තහනම් කෙරේ.