ලංකාවට ආපු අභිරහස් යානය අපේ පොළවත් ස්කෑන් කරලා

Picture of අසංක

අසංක

කටුනායකට පසුගියදා ලගා වී ඇති ගුවන් යානාවක් තරංග මගින් ලංකාවේ භූමි අභ්‍යන්තරය ස්කෑන් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසාම්මිල් මහතා පවසයි.

අද පැවැති ජානිපෙ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව අනාවරණය කළේය.

ඔහු මෙම මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයෙන් කොටසක් පහත පරිදිය.

ඇක්සා ගිවිසුම ඇමෙරිකාව එක්ක අත්සන් කරලා යටිතල පහසුකම් සැලසීමේ ගිවිසුම තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඒ වගේම ඇක්සා ගිවිසුමෙන් පැමිණෙන හමුදාවන්ට නිලධාරින්ට කොන්ත්‍රාක්කරුවන්ට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයවලුන්ට රාජතාන්ත්‍රික මුක්තිය ලබාදෙන ගිවිසුම තමයි සෝෆා ගිවිසුම කියන්නෙ. ආණ්ඩුව එක පැත්තකින් මේවා සංවාදයකින් තොරව සමච්ඡලේකට ලක්කරලා යටපත් කරනවා. ඉතාම පැහැදිලිව ඇමෙරිකානු එක්සත් ජනපදය පැත්තෙන් ගත්තත් මෙවැනි ගිවිසුමක් නැහැ කියනවා. හර්ෂ ද සිල්වා වගේ ඇමැතිවරුත් නැහැ කියනවා. නමුත් නෑ කියමින් වැඩේ මහ පොළවේ සිදුවෙනවා. ඒක සමාජය නොමග යැවීමක්. ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ආණ්ඩුව ජනතාව නොමග යවනවා. තරංග මගින් ශ්‍රි ලංකා භූමි අභ්‍යන්තර  සිතියම්ගත කළ හැකි යානාවක් කටුනායකට ඇවිල්ලා තියෙනවා. මේ යානාව මීට පෙර මත්තලටත් ඇවිත් තියෙනවා. අපට තියෙන තොරතුරු අනුව ශ්‍රි ලංකාවේ භූමිය අභ්‍යන්තරය මේ වනවිට සිතියම් ගත කර හමාරයැයි හෙතම සදහන් කළේය.