ලංකාවට ණය සහනයක් දෙන්න ඉන්දියාව ලෑස්තියි

Picture of අසංක

අසංක

ඉන්දියාවෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකාවට යම් සහනයක් ලබාදීම පිළිබඳව ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව එම ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද දෙරට අතර සාකච්ජා මේ වනවිටත් ආරම්භවී ඇති බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී .

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මීට අදාළ මූලික සාකච්ජාවන් පැවත්වී ඇති අතර එම සාකච්ජා සාර්ථක හා ඵලදායී අකාරයකින් පැවත්වී ඇති බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

සාර්ක් කලාපීය වශයේ මෙන්ම ද්විපාර්ශවික මට්ටමෙන්ද , විනිමය හුවමාරු කටයුතු පහසු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ජාවී ඇත ,

පශ්චාත් කොවිඩ් සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දියාව සූදානම් බවද මහකොමසාරිස්වරයා මෙහිදී මෙරට රජය දැනුවත් කර ඇති බව වාර්තාවේ.