ලංකාවට සහය දෙන්න , ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉදිරියේදී අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවල එකඟතාව පළවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවලදී එම එකඟතාව පළවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ.