ලංකාවෙන් හමුවූ නව කොවිඩ් ප්‍රභේදය , PCR මගින් හඳුනාගන්න බැහැ ! – GMOA

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් හඳුනා ගත් කොවිඩ් 19 නව වෛරස ‍ප්‍රභේදය PCR පරීක්ෂණ මගින් හඳුනා ගත නොහැකි එකක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

ඒ හේතුවෙන් ඉදිරියේදී ඉතා භයානක තත්වයක් ඇතිවිය හැකි බව සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටී

මෙම ප්‍රභේදය දැනට යුරෝපයෙන් හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදයට අතිශය සමාන ප්‍රභේදයක් වන අතර එය ඉතා ඉක්මනින් පැතිර යන එකක් බවද වෛද්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය .

. මෙම තත්වය මත නව ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය මෙරට සෞඛ්‍ය අංශ සතුව පවතින්නේද යන්න සලකා බැලිය යුතු බවද ඔහු සඳහන් කර සිටියේය

නව වෛරස ප්‍රභේදය හඳුනාගෙන තිබෙන්නේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකුගෙන් වන අතර ඔහුගෙන් තවත් පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වී තිබෙන්නේද යන්න පිළිබඳව තවමත් තහවුරු කරගෙන නොමැත.