කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත්, එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන බව චීන රජය අවධාරණය කර සිටී.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග අද පැවති සාකච්ජාවකදී ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද වෙයි මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
ශ්‍රී ලංකාව සමග චීනය සැමදාම අත්වැල් බැදගෙන සිටින බවද චීන වැඩබලන තානාපතිවරයා මෙහිදී පැවැසීය.