ලංකාවේ කොරෝනා සමූහ නිරෝධායන කලාප සොයයි

Picture of අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරව මතුව ඇති තත්ත්වයත් සලකා බලා , ශ්‍රී ලංකාව තුළද විශාල පිරිසක් එකවර නිරෝධායනය කළ හැකි ස්ථාන පිළිබඳව හදුනාගනිමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටී .

ඒ අනුව වෛරසය පැතිර ඇති යම් නගරයකින් හෝ රටකින් පැමිණෙන පිරිස් එවැනි ස්ථානයකට යොමු කිරීමට තීරණය කර ඇති බවද ඒකකය සඳහන් කර සිටී .

චීනයෙන් පිටත කොරෝනා රෝගය වාර්තාවෙන රටවල් අතුරින් පළමු ස්ථානයේ පසුවන්නේ දකුණු කොරියාව වන අතර ,ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එරට සේවය කරමින් සිටී .

ඉතාලිය එම දත්ත සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එරට තුලද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රැකියාවන්හි නිරතව සිටී , ඔවුන් ය මෙරටට පමිනීඅට කටයුතු කළහොත් එම පිරිස් නිරෝධායනය කිරීමට මෙවැනි ස්ථාන අවශ්‍ය බව ඒකකය වැඩිදුරටත් පවසයි.