ශ්‍රී ලංකාවේ කෝපිවලට මේ වනවිට ජපානයෙන් විශාල ඉල්ලුමක් පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.
මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි වගා කිරීමේ ගම්මාන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.
නුවරඑළිය වැනි උස් කඳු පරිසරයක වැවෙන මෙම කෝපි වර්ගය අපනයනයෙන් දැනටත් විශාල ආදායමක් ලැබෙන බව කී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නුවරඑළියේ ග්‍රාම සේවක වසම් 317 ක් මෙම කෝපි වගා සඳහා දැනටමත් තෝරාගෙන තිබෙන බවද පැවසීය
මෙම කෝපි වගාකරුවන්ට හැකි සෑම සහයෝගයක් ලබාදීමට සූදානම් යැයි කී බන්දුල ගුණවර්ධන මහතා මෙම කෝපි වගාව සරු වුවහොත් මෙම අපනයන ආදායම තුන් හතර ගුණයකින් වැඩිවිය හැකි යැයි ද සඳහන් කළේය.