ලංකාවේ දිනකට කොරෝනා පරීක්ෂණ 6000ක් දක්වා ඉහළට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුකරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉදිරි මස ඇතුලත 6000 දක්වා ඉහල නැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත,.

දැනට රට තුල දිනකට පී සී ආර් පර්යේෂණ 3000 ක් කිරීමට අවශ්‍ය පහසුකම් ඇති බවත් එම තත්වය තවදුරටත් පුළුල් කර , මෙලෙස පර්යේෂණ 6000 ක් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සකසන බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය වෙත පැවසීය .

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මෙරටදී සිදු කෙරුණු PCR පරීක්ෂණ ගණන 54,000 මේ වනවිට ඉක්මවා ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ඊයේ (24) දිනයේදී පමණක් PCR පරීක්ෂණ 1,742 ක් සිදු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය .
.