අනවසර සන්නිවේදන උපකරණ සහ මත්ද්‍රව්‍ය රැගෙන යන ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු තුනක් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් මිනිකෝයි අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ආකාෂ් දුව, චතුරාණි 03 සහ චතුරාණි 08 යන බෝට්ටු තුන සහ නැවේ සිටි 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් 7 දෙනෙකු මුහුදට පැන තිබේ.
ඉන්දීය වෙරළාරක්ෂක නෞකාව වන ‘වරහා’ විසින් මාර්තු 5 වනදා මිනිකෝයි සිට නාවික සැතපුම් හතක් පමණ දුරින් ඉන්දියානු මුහුදු සීමාවේදී මෙම බෝට්ටු අල්ලා ගන්නා ලදී.
සැක සහිත වීම නිසා වෙරළාරක්ෂක භටයින් බෝට්ටුවලට ගොඩ වූ අතර මූලික පරීක්ෂණයෙන් හෙළි වූයේ එහි සිටි පුද්ගලයන් අනවසර සන්නිවේදන උපකරණ භාවිතා කර ඇති බවත් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බව ය.
මේ වනවිට අදාළ ආයතන විසින් සවිස්තරාත්මක තොරතුරු සොයාබැලීමට ඒකාබද්ධ පරීක්ෂණයක් දියත් කර තිබේ.