දැනට ශ්‍රී ලංකාවේ පවතින බැඳුම්කර වටිනාකම ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන ජේ පී මෝගන් ආයතනය පවසයි .
දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් බැඳුම්කර සම්බන්ධයෙන් දැනට පවතින අවම මට්ටම්වලින් ඉහළට ගමන් කිරීමට මඟ පාදනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහා මෙන්ම නීතිමය සහ මූල්‍ය උපදේශකයින් පත්කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ද උපකාරී වනු ඇතැයි එම බැංකුව පුරෝකතනය කර ඇත